Sunday, September 9, 2012

මනුස්සකම!

ආයුබෝවන්ඩ! ඔන්න අදත් චතුමාමගෙ අහ ආපු උදවියව බොහෝම සාදරයෙන් පිළිගන්නවා. චතුමාමටත් නැන්ද කෙනෙක් හිටියනම් උඹලට තේ එකක් එහෙම වක්කොරන්න තිබුණා... කොහේද ඉතින්....... චතුමාම ඉතින් තාම තනිකඩයා නෙව. අද චතුමාම කතාකොරන්ඩ යන්නෙ මනුස්සකම හදවතේ තියෙන කුරුණෑගල පැත්තෙ ඉන්න කොලුවෙක් ගැන. මේ කොලුවව චතුමාමට හම්බ උනේ ෆේස් බුකියෙදි. (රේස් බුකියෙදි එහෙම නෙවෙයි හරිය!) මේ කොලු ගැටයත් එක්ක චතුමාම ඊයෙ කතාකොළා. පුදුම නිහතමානිකමක් නෙව තිබුණෙ. ෆේස් බුකියෙන් අනුන්ට මඩගහන කාලෙක මේ කොලුව අලුතෙන් සේස්තරේට එන සoගීතකාරයන්ට උඩට ඇවිත් තරුවක් වෙන්න උදව් කරන බොහොම දක්ෂ කොලුවෙක්. ආ.... මට කියන්නත් බැරි උණා. කොලුවත් මහා සoගීතකාරයා. බලන්න එපෑය අර සරපිනාව වගේ කරන්ට් එකෙන් ගහන මොකද්ද එක වාදනය කොරන අපූරුව. ෆේස්බුකියෙ  ගොඩක් සoගීත ගැටයො නම් මම කියන හාදයව හොදට දන්නව. චතුමාමගෙ හිතට ලේසියෙන් කෙනෙක්ව අල්ලන්නෙ නෑ නෙව. චතුමාම මේ හාදය ගැන කිව්වෙ මිල මුදල්වලට මනුස්සකම පවා අමතකවෙන කාලෙක මේ කොලුව කරන සද්කාරෙට සුබ පතන්න ඕනකමට මිසක් කඩේ යන්න හිතාගෙන එහෙම නෙවෙයි ආයුබෝවන්ඩ!


4 comments:

  1. ohhhhh thnxxx mage malli

    ReplyDelete
    Replies
    1. මල්ලි නෙවෙයි කොලුවෝ මම චතුමාමා!

      Delete
  2. e sangitha kolu gatayage link eka dammoth hoda nadda? chathi mamaoooo

    ReplyDelete
    Replies
    1. චාලි කොලුවට ඇස් පේන්නෙ නැද්ද මන්දා...... ඔය දාල තියෙන්නෙ භූතයෝ ලින්ක් එක. හොදට බලපිය!!!

      Delete