Thursday, September 6, 2012

හොල්මන්?

     හුගිය කාලෙ අපේ පත්තර මහත්තුරු භූතයො, හොල්මන් හොය හොය ගොහිල්ලා උන්ව පතුරු ගැහුවනෙ. චතුමාමා බලන බලන සතිඅන්ත පත්තරේ හොල්මන්වලින් පිරිලා. ඉතින් චතුමාමටත් හිතුණා හොල්මන් ගැන කතාකරන්න. මොකද්ද මේ හොල්මන් කියන වචනෙ තේරුම?
                            හොල් = හෙලවෙන
                            මන්    = මනස

                            මේ හෙලවෙන, නැතිනම් චoචල වෙන හිත තමයි හොල්මන් කියල කියන්නෙ. අපේ මිනිස්සු හුළගට කෙහෙල් අත්තක් වැනුණත් හිතන්නෙ හොල්මන් කියලා. අර පහුගිය කාලෙ රාවයක් තිබුණා නෙව තනිකකුලෙන් හොල්මන් කරන ගෑනු ළමයෙක් ගැන. චතුමාමට නම් ඇත්තටම දුකයි මේ දැනුම් තේරුම් තියෙන පත්තර මහත්තුරු කරපු දේට. මට එහෙම නම් ඒ මියෑදුණු දැරිවිගෙ අම්මටයි, තාත්තටයි කොච්චර දුකක් දැනෙන්න ඇතිද?

    පොටෝ කෑල්ලකුත් දාල තිබුණ නෙව. අපේ පොටෝ ගහන මහත්තුරුත් ඕකට එක එක දේවල් කිව්වනෙ. චතුමාමට නම් හිතෙන්නෙ මෙහෙමයි. ඔය කැමරාව පාවිච්චි කොළේ හෙදියො (nurseලා)නෙ. ඒ ගොල්ලො ගත්තු කලින් පොටෝ එකක කොටසක් තමයි මේ. මතක පතේ(Memory card) ගබඩා වෙද්දි මොනවහරි තාක්ෂණික විපර්යාසයක් ඇතිවෙලා තමයි මෙහෙම වෙන්නෙ.
  චතුමාම දන්න ඉලව්වක් නෑ කියලා කවුරුහරි කියන්න පුළුවන්. චතුමාම දන්න ඉටිගෙඩියක් නෑ ආයුබොවන්ඩ. චතුමාම කිව්වෙ චතුමාමට හිතිච්ච දේ. චතුමාම ඕක කල්පනා කර කර ඉදිද්දි චතුමාමටත් ඔයවගේම පොටෝ කෑල්ලක් හම්බ උණා. චතුමාමට ඉන්නව යාළුවො ගොඩක්. මේ යාළුවන්ගෙන් එකෙක් තමයි කුමාර කියන්නෙ. ඌ මාර කලාකාරයා. ඉතින් අපේ මේ කුමාර හාදයා අලුතින් ෆෝන් එකක් අරගෙන. ඒක අලුත් කිව්වට පට්ට ගහ ගහ පාවිච්චි කොරපු හම්පඩ ෆෝන් එකක්. ඌ කවදාවත් එහෙම කෙනෙක්ව පොටෝ එකක් ගත්තෙ නැහැ කියලමයි කියන්නෙ. කුමාර ගේ ඇතුළෙ පොටෝ එකක් ගත්තමලු ඕක දැක්කෙ. ගෙදර කට්ටියත් හොදටෝම බයවෙලා. ඒගොල්ලො හිතන්නෙම මේ ඉන්නෙ භූතයෙක්.... නැතිනම් පෙරේතයෙක් කියලමයි. 
     චතුමාම නම් මේක පෙන්නද්දිම දැනගත්ත මේ වෙච්ච සන්තෑසිය මොකද්ද කියලා. කෝකටත් කියල චතුමාම කුමාර හාදයගෙන් ඇහුව ෆෝන් එක දැන් කෝ කියලා. කුමාර හාදය ඒක ගෙනත් පෙන්නුවා. හාපෝ.........Chineese  කට්ටක් නෙව. මේ ෆෝන් එක කලින් පාවිච්චි කොරපු හාදයා මේ පොටෝ එක ගනිද්දි අත වෙව්ලලා. මොනව හරි තාක්ෂණික දෝෂයකින් ඕක මේ අපේ කුමාර හාදය ගත්තු පොටෝ එකට වැදිලා. ඒකයි මේ වෙලා තියෙන්නෙ. බැරි වෙලා හරි ඕක අපේ පත්තර මහත්තයෙකුට එහෙම හම්බවුණා නම් මොන තරම් කෙබ්බ, කෙබර ඇදබාන්න ඉඩ තිබුණද? නැද්ද මo අහන්නෙ? මෙලහකටත් එහේ භූත විමානයක් කොරාවි. පත්තරෙත් උනු කැවුම් වගේ විකුණ ගනීවි.අනේ පින් ඇති ආයුබොවන්ඩ, චතුමාම කියපු දේට කවුරුකවුරුත් කේන්ති ගන්නව එහෙම නෙවෙයි ඕන්! මොකෝ ඉතින් අපේ සමහර හාදයන්ට ඇත්ත කියද්දි නිකන් වහකදුරු වගේ නෙව! එහෙනම් ඕන්.... අදට මේ ඇති. චතුමාමගෙ අහ ගොඩවැදුණු බොලාට බොහොම පිo! ආයෙත් දවසක මේ පැත්තෙ හක්කලන් කරන්න වරෙල්ලකෝ..........!

2 comments:

  1. චතුමාමාගේ ආගිය කතා යනු අදට ඔබින වැඩසටහනකි. දිගටම ලියන්න චතුමාමේ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූතියි කොලුවෝ! චතුමාමව අගේ කොළාට.

      Delete