Saturday, August 17, 2013

අපූරු පිය සෙනෙහස

ඔන්න ආයුබෝවන්ඩ චතුමාම අද සූජානං වෙන්නෙ අපූරු පිය සෙනෙහෙසක් ගැන කියන්න. අපේ නෝනල මහත්තුරු හැමෝම දන්නවනෙ පිස්සු පූසාව. මේ පිස්සු පූසට ගොඩාක් සමීපයි චතුමාම අද කියන්න යන මේ මහත්තයා. අද චතුමාම කොළඹ ඉඳලා ආපු 154 බස් එකට දෝණියන්දෑ එක්ක නැග්ග නෙව මේ මහත්තයා. නළලෙ නෙල්ලි ඇටේ වගේ "ඉන්නා" නිසා චතුමාම පටස් ගාලා අඳුරගත්ත නෙව එතුමාව.
…අනේ.. එතුමා බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් චතුමාම දිහාවෙම රවල බලනව මිසක් වෙන වැඩක් කොරන්නෙම නැහැ නොවැ. චතුමාම ඉතින් ඒ දැරිවි දිහා බලපු එක ඇත්ත. ඒ ඉතින් වලත්තකමකට, කුපාඩි කමකට නෙවෙයි ආයුබොවන්ඩ මනුස්සකමට. අනික ඒ දැරිවිගෙ අමුතු පියකරු බවක් තිබුණා.

…පස්සෙන් පහු වෙනකොට තමා ආයුබොවන් හොඳ ම හරිය. කොහොමින් කොහොමින් හරි වාඩිවෙලා හිටපු ඩබලක් නැගිටලා ගියාට පස්සෙ චතුමාමටයි අර දෝණියන්දැටයි සීට් එකක් ලැබුණයි කියමුකෝ.. දැන් චතුමාම වීදුරුව පැත්තෙ. අර දෝණියන්දැ මෙහා පැත්තෙ. දැන් චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. ඒකෙන් ඒ මහත්තයට වාඩි වෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ නෙව. තමන්ගෙ දුවව රකින්න තාත්ත කෙනෙක් කොච්චර මහන්සියක් ගන්නවද කියල හිතපු චතුමාම වීදුරුවට බර වෙලා ඇස් පියා ගත්තා.

Tuesday, August 6, 2013

සුනිලුත් ඉන්නවා..

ඕන්න ඉතින් චතුමාම ගොඩ කාලෙකින් කතාවක් අරන් ආව. රාවණා ගැන කතා වෙන එක දැන් අපේ ගොයියො ටිකක් අත් ඇරල වුණාට මේකත් ඉතින් රාවණා සම්බන්ධ කතා පුවතක්. මේකට මූණ දීපු කට්ටියට නම් මතක් වෙද්දිත් බඩ අල්ලගෙන හිනා.

…චතුමාම ඉන්නවනෙ ආයුබොවන්ඩ ගිහි පිරිත් කණ්ඩායමක. චතුමාම තමා ඒකෙ ළාබාල ම උපාසක තැන. ඒව වැඩක් නැහැ නොවැ කෙලින් ම කතාවට එමුකෝ. ඉතින් අපේ මේ කණ්ඩායමේ ඉන්නව සීලදාස මහත්තය කියල ටිකක් වයසක උපාසක මහත්තයෙක්. මේ සීලදාස මහත්තයට ටිකක් ඇහෙනව මදි. දවසක් කට්ටිය ම ගිය යි කියමුකො පිරිතකට. මහපිරිත ඉවර වෙලා උපාසක මහත්තුරු දෙන්නෙක් ඉඳිද්දි කට්ටිය ඔක්කොම ලැගුම් ගෙට ගියා නෙව ටිකක් ඇල වෙන්න හිතාන. ඔහොම ඉද්දි අපේ අර සීලදාස මහත්තයට ටිකක් නින්ද ගොහින්. ඇහැරවල එක්ක යන්නත් මොකද්ද වගේ නිසා සීලදාස මහත්තය වෙනුවට වෙන කෙනෙක් ගිහින්. සීලදාස මහත්තය ඇහැ ඇරිල බලද්දි පිරිත පටන් අරන්. චතුමාමට ඉතින් රෑට නින්ද යන්නෙ නැති රෝගයක් තියනව නෙව.

…ඉතින් මේ වෙලාවෙ චතුමාම හිටියෙ පුටුවක වාඩි වෙලා තව පිරිසක් එක්ක පිරිත් ගැන, බුදු බණ ගැන කතා කර කර. කොහොම හරි කතාව දුර ගිහින් නැවතුණේ අන්තිමට රාවණා ළඟ. ඔය අල්ලෙ පනල්ලෙ සීලදාස මහත්තයත් අපි ඉන්න තැනට ඇවිත් පුටුවක හරි බරි ගැහිල වාඩි වුණා. දැන් එක්කෙනෙක් කියනව රාවණා කියල කෙනෙක් ඉන්නව කියල. තව කෙනෙක් කියනව රාවණා කියන්නෙ මිත්‍යාවක් කියල. චතුමාමට දැන් මාර පුරස්නෙ රාවණා ගැන. චතුමාමට මතක් වුණා මේක සීලදාස මහත්තයගෙන් ඇහුව නම් හොඳයි කියලා. චතුමාම ඇහුව මෙන්න මෙහෙම " සීලදාස මහත්තයො, රාවණා තාම ඉන්නවද? " එතකොට සීලදාස මහත්තය කියාපි මෙහෙම :
…" අනේ මන්ද.. සුනිල් ඉන්නවනෙ."

…බලනකොට සීලදාස මහත්තයට ඇහිල තියෙන්නෙ ඊළඟ බණවරට යන්නෙ කවුද කියල ඇහුව කියලා.