Wednesday, September 19, 2012
පෝස්ටර් ගැහිල්ල!
චතුමාම ඔන්න අදත් ආව නෙව කතාවක් අරගෙන. වැඩි සුකුරුත්තන් දාල මොකටද? චතුමාම කතාවට එන්නම්කෝ..... ඔන්න චතුමාමගෙ ගෙවල් ළග පන්සලක් තියෙනව. ඕකෙ නායක හමුදුරුවන්ගෙ ඉදල, පන්සලේ ඉන්න බලු කුක්ක පවා චතුමාමත් එක්ක බොහොම එකතුයි. හැම පන්සලේම වගේ මේකටත් උපාසිකා පිරිසක් ඉන්නව නෙව හැමදේම හොයල බලන. ආ.... තවපොඩ්ඩෙන් චතුමාමට අමතක වෙනව!.. මේ පන්සලට එනව ගිහාන් කියල කොලු ගැටයෙකුත්. මිනිහ ටිකක් මෝඩපහේ මිනිහෙක්. කවුරු හරි බොරුවක් කිව්වත් කියන පරක්කුවෙන්ම මිනිහ රැවටිලා ඉවරයි. ඒ වගේම තමයි මිනිහ අනුන් කොටවන්නත් හරිම දස්සය!... ඔහොම කාලෙ ගෙවෙද්දි ඔන්න පන්සලේ කඨිනෙත් ළග ළගම එනව. පන්සලේ දායකයො, එතනින් ගියහම..... උපාසක අම්මලා ගජරාමෙට වැඩ. පන්සලම අලුත් වෙලා. එක්කෙනෙක් හුණු ගානවා, තව එක්කෙනෙක් බුදුපිළිම හෝදනවා. හැමෝම පුදුම සහයෝගයක් තමයි දෙන්නෙ. ඇයි ඉතින්.. ගමේ පන්සලනෙ. චතුමාමත් බැහැල වැඩ. පන්සලට අල්ලපු වැටේ වත්තක් තියෙනව පොඩි පොඩි ගෙවල් 50ක්, 60ක් තියෙන. ඒව ඔක්කොම කුලියට දීල තියෙන්නෙ සුනීතා කියල බවලතෙක්. සුනීත උපාසක අම්මත් ටිකක් වෙලා පන්සලේ ඉදලා ගෙවල් පැත්තෙ ගිහින් එන්නම් කියල ගියා. අම්මට සිරි!.. චතුමාමට බාර දීල තිබුණ නෙව කඨිනෙ ගැන විස්තර තියෙන පෝස්ටර් ටික අලවල දාන්න. ඒක එහෙම්මම අමතක වෙලා ගියා. චතුමාමට දැන් මාර අස්පට් එක. චතුමාම හිමිහිට උපාසක අම්මකෙනෙක් ගාවට කිට්ටු වෙලා පෝසටරේ ගහන්න බැරිවෙච්ච බව කිව්වා. උපාසක අම්ම කියනව චතුමාමට යන්න එපාලු. ගිහාන්ව යවන්නලු. චතුමාම ඉතින් චිත්තර කාරය නෙව. චතුමාම ඒවෙලාවෙ හිටියෙ හුණු ගාපු බිත්තියක අකුරුවගයක් ඇද ඇද. ඉතින් අර උපාසකම්මා ගිහාන්ව ගෙන්නලා, පාප්පත් හදල දීල " ගිහාන්, කාටත් හොදට පේන තැන්වල ඔයටික අලවන්න" කියල පොඩි උපදේසෙකුත් දීල පිටත්කොළා. මෙන්න පැයකට විතර පස්සෙ මිනිහ එනව දුන්න වගේම පෝස්ටර් ටිකත් උස්සගෙන! උපාසකම්මට අම්බානක තදවෙලා. මෙච්චර වෙලා ගිහිල්ලත් පෝස්ටර් ගැහුවෙ නැද්ද බූරුවෝ කියල එකපාරටම ගිහාන්ගෙ ඇගට කඩාගෙන පැන්නෙ නැතෑ. ගිහාන් තක්බීර්වෙලා බලන් ඉන්නව. පාරෙත් තැනින් තැන ගැහුවා. හැමෝටම පේන තැනක ගහන්න කියලනෙ මට කිව්වෙ. ඉතින් මම එකක් ගැහුව නියමෙට පේන තැනක. කොහේද ගැහුවෙ? උපාසකම්මා ඇහුවා. ගිහාන් කියපි මෙන්න මෙහෙම...."සුනීතා ඇන්ටිගෙ වත්තෙ... ටොයිලට් එකේ ඇතුල් පැත්තෙ!"
Tuesday, September 11, 2012
චතුමාමාට හමුවූ තාපසතුමා!
පළාස්සබා ඡන්දෙනුත් කොටහක් අහවර උණා නෙව. ලොකුඅයිය (ලොකු අයිය කිව්වෙ හිතේ තියෙන භක්තියට මිසක් සිරික්කියට හෙම නෙවෙයි හරිය!)මේපාරත් යන්තම් ගොඩ ගියා නෙ. චතුමාම අහස දිහා බලාගෙන හිටියා. සුදුම සුදුපාට වලාකුළු පිරිච්ච අහස හරිම ලස්සනයි නෙව. චතුමාමට පැoචා කාලෙ ඉගෙනගත්තු පොඩි කවියක් මතක් උණා.
"සමන් පිච්චමල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට"
තාම තරු පේන්නෙ නම් නෑ. මුළු අහසම නිල්පාට තණකොළ පිට්ටනියක් වගේ පේනවා. නිල්පාට කිව්වට ආයුබොවන්ඩ කවුරුවත් වැරදියට තේරුම් ගන්නව එහෙම නෙවෙයි. චතුමාම ඒ කිව්වෙ කවි බාසාවෙන්. කවි බාසාවෙ කොළ පාටයි, කළු පාටයි හදුන්වන්නෙ නිල් පාට කියල නෙව. ඒ කොහොම වෙතත් අද නම් අහස ලස්සනයි කියල චතුමාමට හිතුණා.චතුමාම පිලේ තවත් හොදට ඈදිගෙන අහස දිහා බලාගෙන හිටියා. එකපාරටම අහස කළුකරගෙන කළු වලාකුළක් චතුමාමගෙ පැලට උඩින් පාවීගෙන එනව චතුමාම දැක්කා. වැහිකළුවක් වෙන්න ඇති. චතුමාමට එහෙම හිතුණා. අප්පට සිරි ගජ! මේ අර අහසින් වඩින තාපසතුමෙක් නෙව. චතුමාම අප්පුඩි ගහ ගහ කෑ ගැහුවා. තාපසතුමාත් චතුමාමව අදුරගෙන ගමනෙ වේගෙ බාල කොළේ නැතෑ. තාපසතුමා දැන් හෙලිකොට්ට උරේ වගේ මෙන්න බොලේ එක තැන බිමට බානවා. කොහෙද අප්පේ මේ පු* කැඩිච්ච කඩිය වගේ උඩින් යන්නෙ?. මම හිතුවෙ වැහි කළුවක් එනව කියලා! නෑ දරුවා.... මම මේ පිටකොටුවට යන ගමන්. ඔහෙප්පලයන් කිව්වලු! අර මක්කටෙයි පිටකොටුවට යන්නෙ? චතුමාම අන්දකයිප්පු කාල වගේ තාපසතුමා දිහා බලන් හිටියා. තාපසතුමාට චතුමාමගෙ මස්තබාල්දු, තක්බීර් වෙච්ච පෙනුමෙන්ම හිතෙන්න ඇති, චතුමාමගෙ හිතේ ඇති වෙච්ච කුකුස. තාපසතුමා කතාව පටන් ගත්තා. මම මේ ලැට්ටොප් එකට චාජරයක් ගන්න යන ගමන් දරුවා! පණ පලයන් පෙරේදා කිව්වලු! ඔබවහන්සෙට මක්කටෙයි ලැට්ටොප් එකක්? ඉස්සර කාලෙ වගේ නෙවෙයි දරුවො දැන් තාස්සනේ දියුණුයි නෙව. හිමාලෙ ඉන්න අපේ තාපසතුමාලත් එක්ක අපි චැට් කොරන්නෙ ඕකෙන්. අනික ඉතින් පේස් බුක් යන්නත් එපැයි. ඔබතුමා රේස්බුකියකටත් යනවද? චතුමාම හොල්මන්වෙලා ගියා. . රේස්බුකියක් නෙවෙයි යකෝ! ඒපාර තාපසතුමාට කේන්ති ගියා. ගැත්තාට අනුකම්පා කොරන්න තාපසතුමෝ. චතුමාමා තාපසතුමාගේ දෙපාමුල වැටුණා. රේස් බුකියක් නෙවෙයි දරුවා පේස් බුක්. දැන් ඔය කොල්ලො කෙල්ලො යන්නෙ. චතුමාමා තේරුණා වගේ ඔළුව වැනුවා. චතුමාමා දන්න බුකියක් නැත. දන්නේ රේස්බුකිය ගැන විතරය. ඔබතුමාට පිටකොටුවෙ යනවට වැඩිය ලාබයි නෙව තාපසතුමෝ, ඉන්න පළාතෙ කඩේකින් ගත්ත නම්? නෑ දරුවා!..... ඊට වඩා ලාබයි පිටකොටුවෙ පේමන්ට් එකේ ඇහින්දාස් පොරක්ගෙන් ගත්තම. මොකෝ තාපසතුමා එකපාරටම චාජරේ පිච්චුණේ? ආණ්ඩුව හින්ද තමයි දරුවා! ඒ කිව්වෙ? මම භාවනා කොරන ගමන් පොඩි ජොබ් කට්ටක් කොරානෙ. ඉතින් ඉතින් .......මොකද්ද අප්පේ... ඔය ජොබ් එක? ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කුපිත කොරන එක තමයි දරුවා. ඒ කිව්වෙ තාපසතුමා? ඔය පිට රටවල ඉන්නවනෙ... සිරිලන්කා දේසප්පෙරේමී නෝනල මහත්තුරු. ඒ අයගෙ ඕන එපාකම්වලට එක එක කතා ටයිප් කොරන්නයි කටකතා පතුරන්නයි තමයි දරුවා අපිට තියෙන්නෙ. අතට ගතමන්ට් එක ලැබෙනව නම් රටට හෙණ ගැහුවත් මොකෝ දරුවා! චතුමාමගෙ ඔළුව මඤ්ඤo වුණා. ඉතින් තාපසතුමෝ මොන හත්තිලව්වකටද එහෙනම් ලැට්ටොප් චාජරේ පිච්චුණේ ආණ්ඩුව හින්දයි කිව්වෙ? ආණ්ඩුවට විරුද්ධව බොරු කතා හදන්න ගිහින් තමයි යකෝ එහෙම උනේ. ගහන ගහන හෙනේ කොටපොළට කිව්වලු! චතුමාමා තාපසතුමා දෙස බැලුවා. තාපසතුමා අන්තරස්දහන් වෙලා ය. ඈතට පාවී යන වැහිකළුවක් යන්තමට චතුමාමා දැක්කා. ඔළුව වටේටම තරු පායන බව චතුමාමට පෙනුණා. චතුමාමට අර සින්දුව මතක් වුණා.
"සමන් පිච්චමල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක

Sunday, September 9, 2012
මියගිය ඥාතියා බණ අසන්නට ඇවිත්!
චතුමාම කිව්ව නෙව හොල්මන් ගැන ඇත්ත කතාවක්. ඒ පාර දාන්න යන්නෙ ඇත්තම සිදුවීමක් කියල හිතාගන්න පුළුවන් එකක්. මේකත් චතුමාමට ලැබුණෙ යාළු මිත්තරයෙකුගෙන්. ඒත් මේකට අයිතිකාරයෙක් නම් නෑ.
පින පව මත පුද්ගලයෙකුගේ මරණින් මතු දිවිය තීරණය වන බවනෙ බෞද්ධ ඉගැන්වීම වෙන්නෙ. මියගිය පුද්ගලයා හත්දවසෙ බණ ඇසීමට තම නිවසට එන බැව් මතුගම මහින්ද විජේතිලක මහතා සහ කඹුරාවල සිරි රේවත හිමියන් විසින් රචිත අපට නොපෙනෙන ලෝකය 3 (එහි 131- 132 පිටූ) නම් පොතෙහිද ඇතිබව චතුමාමට හොදටෝම විශ්වාසයි. ඉතින් මේ අවස්ථාවේත් සිදුව ඇත්තේත් එවැන්නක් බවයි චතු මාමගෙ අදහස. චතුමාමගෙ අදහස නොපිළිගන්න කෙනෙක් ඉන්නව නම් චතුමාමට ලියන්න.

මනුස්සකම!
ආයුබෝවන්ඩ! ඔන්න අදත් චතුමාමගෙ අහ ආපු උදවියව බොහෝම සාදරයෙන් පිළිගන්නවා. චතුමාමටත් නැන්ද කෙනෙක් හිටියනම් උඹලට තේ එකක් එහෙම වක්කොරන්න තිබුණා... කොහේද ඉතින්....... චතුමාම ඉතින් තාම තනිකඩයා නෙව. අද චතුමාම කතාකොරන්ඩ යන්නෙ මනුස්සකම හදවතේ තියෙන කුරුණෑගල පැත්තෙ ඉන්න කොලුවෙක් ගැන. මේ කොලුවව චතුමාමට හම්බ උනේ ෆේස් බුකියෙදි. (රේස් බුකියෙදි එහෙම නෙවෙයි හරිය!) මේ කොලු ගැටයත් එක්ක චතුමාම ඊයෙ කතාකොළා. පුදුම නිහතමානිකමක් නෙව තිබුණෙ. ෆේස් බුකියෙන් අනුන්ට මඩගහන කාලෙක මේ කොලුව අලුතෙන් සේස්තරේට එන සoගීතකාරයන්ට උඩට ඇවිත් තරුවක් වෙන්න උදව් කරන බොහොම දක්ෂ කොලුවෙක්. ආ.... මට කියන්නත් බැරි උණා. කොලුවත් මහා සoගීතකාරයා. බලන්න එපෑය අර සරපිනාව වගේ කරන්ට් එකෙන් ගහන මොකද්ද එක වාදනය කොරන අපූරුව. ෆේස්බුකියෙ ගොඩක් සoගීත ගැටයො නම් මම කියන හාදයව හොදට දන්නව. චතුමාමගෙ හිතට ලේසියෙන් කෙනෙක්ව අල්ලන්නෙ නෑ නෙව. චතුමාම මේ හාදය ගැන කිව්වෙ මිල මුදල්වලට මනුස්සකම පවා අමතකවෙන කාලෙක මේ කොලුව කරන සද්කාරෙට සුබ පතන්න ඕනකමට මිසක් කඩේ යන්න හිතාගෙන එහෙම නෙවෙයි ආයුබෝවන්ඩ!
Thursday, September 6, 2012
හොල්මන්?
පහුගිය කාලෙ අපේ පත්තර මහත්තුරු භූතයො, හොල්මන් හොය හොය ගොහිල්ලා උන්ව පතුරු ගැහුවනෙ. චතුමාමා බලන බලන සතිඅන්ත පත්තරේ හොල්මන්වලින් පිරිලා. ඉතින් චතුමාමටත් හිතුණා හොල්මන් ගැන කතාකරන්න. මොකද්ද මේ හොල්මන් කියන වචනෙ තේරුම?
හොල් = හෙලවෙන
මන් = මනස
මේ හෙලවෙන, නැතිනම් චoචල වෙන හිත තමයි හොල්මන් කියල කියන්නෙ. අපේ මිනිස්සු හුළගට කෙහෙල් අත්තක් වැනුණත් හිතන්නෙ හොල්මන් කියලා. අර පහුගිය කාලෙ රාවයක් තිබුණා නෙව තනිකකුලෙන් හොල්මන් කරන ගෑනු ළමයෙක් ගැන. චතුමාමට නම් ඇත්තටම දුකයි මේ දැනුම් තේරුම් තියෙන පත්තර මහත්තුරු කරපු දේට. මට එහෙම නම් ඒ මියෑදුණු දැරිවිගෙ අම්මටයි, තාත්තටයි කොච්චර දුකක් දැනෙන්න ඇතිද?
පොටෝ කෑල්ලකුත් දාල තිබුණ නෙව. අපේ පොටෝ ගහන මහත්තුරුත් ඕකට එක එක දේවල් කිව්වනෙ. චතුමාමට නම් හිතෙන්නෙ මෙහෙමයි. ඔය කැමරාව පාවිච්චි කොළේ හෙදියො (nurseලා)නෙ. ඒ ගොල්ලො ගත්තු කලින් පොටෝ එකක කොටසක් තමයි මේ. මතක පතේ(Memory card) ගබඩා වෙද්දි මොනවහරි තාක්ෂණික විපර්යාසයක් ඇතිවෙලා තමයි මෙහෙම වෙන්නෙ.
චතුමාම දන්න ඉලව්වක් නෑ කියලා කවුරුහරි කියන්න පුළුවන්. චතුමාම දන්න ඉටිගෙඩියක් නෑ ආයුබොවන්ඩ. චතුමාම කිව්වෙ චතුමාමට හිතිච්ච දේ. චතුමාම ඕක කල්පනා කර කර ඉදිද්දි චතුමාමටත් ඔයවගේම පොටෝ කෑල්ලක් හම්බ උණා. චතුමාමට ඉන්නව යාළුවො ගොඩක්. මේ යාළුවන්ගෙන් එකෙක් තමයි කුමාර කියන්නෙ. ඌ මාර කලාකාරයා. ඉතින් අපේ මේ කුමාර හාදයා අලුතින් ෆෝන් එකක් අරගෙන. ඒක අලුත් කිව්වට පට්ට ගහ ගහ පාවිච්චි කොරපු හම්පඩ ෆෝන් එකක්. ඌ කවදාවත් එහෙම කෙනෙක්ව පොටෝ එකක් ගත්තෙ නැහැ කියලමයි කියන්නෙ. කුමාර ගේ ඇතුළෙ පොටෝ එකක් ගත්තමලු ඕක දැක්කෙ. ගෙදර කට්ටියත් හොදටෝම බයවෙලා. ඒගොල්ලො හිතන්නෙම මේ ඉන්නෙ භූතයෙක්.... නැතිනම් පෙරේතයෙක් කියලමයි.
චතුමාම නම් මේක පෙන්නද්දිම දැනගත්ත මේ වෙච්ච සන්තෑසිය මොකද්ද කියලා. කෝකටත් කියල චතුමාම කුමාර හාදයගෙන් ඇහුව ෆෝන් එක දැන් කෝ කියලා. කුමාර හාදය ඒක ගෙනත් පෙන්නුවා. හාපෝ.........Chineese කට්ටක් නෙව. මේ ෆෝන් එක කලින් පාවිච්චි කොරපු හාදයා මේ පොටෝ එක ගනිද්දි අත වෙව්ලලා. මොනව හරි තාක්ෂණික දෝෂයකින් ඕක මේ අපේ කුමාර හාදය ගත්තු පොටෝ එකට වැදිලා. ඒකයි මේ වෙලා තියෙන්නෙ. බැරි වෙලා හරි ඕක අපේ පත්තර මහත්තයෙකුට එහෙම හම්බවුණා නම් මොන තරම් කෙබ්බ, කෙබර ඇදබාන්න ඉඩ තිබුණද? නැද්ද මo අහන්නෙ? මෙලහකටත් එහේ භූත විමානයක් කොරාවි. පත්තරෙත් උනු කැවුම් වගේ විකුණ ගනීවි.අනේ පින් ඇති ආයුබොවන්ඩ, චතුමාම කියපු දේට කවුරුකවුරුත් කේන්ති ගන්නව එහෙම නෙවෙයි ඕන්! මොකෝ ඉතින් අපේ සමහර හාදයන්ට ඇත්ත කියද්දි නිකන් වහකදුරු වගේ නෙව! එහෙනම් ඕන්.... අදට මේ ඇති. චතුමාමගෙ අහ ගොඩවැදුණු බොලාට බොහොම පිo! ආයෙත් දවසක මේ පැත්තෙ හක්කලන් කරන්න වරෙල්ලකෝ..........!
හොල් = හෙලවෙන
මන් = මනස
මේ හෙලවෙන, නැතිනම් චoචල වෙන හිත තමයි හොල්මන් කියල කියන්නෙ. අපේ මිනිස්සු හුළගට කෙහෙල් අත්තක් වැනුණත් හිතන්නෙ හොල්මන් කියලා. අර පහුගිය කාලෙ රාවයක් තිබුණා නෙව තනිකකුලෙන් හොල්මන් කරන ගෑනු ළමයෙක් ගැන. චතුමාමට නම් ඇත්තටම දුකයි මේ දැනුම් තේරුම් තියෙන පත්තර මහත්තුරු කරපු දේට. මට එහෙම නම් ඒ මියෑදුණු දැරිවිගෙ අම්මටයි, තාත්තටයි කොච්චර දුකක් දැනෙන්න ඇතිද?
පොටෝ කෑල්ලකුත් දාල තිබුණ නෙව. අපේ පොටෝ ගහන මහත්තුරුත් ඕකට එක එක දේවල් කිව්වනෙ. චතුමාමට නම් හිතෙන්නෙ මෙහෙමයි. ඔය කැමරාව පාවිච්චි කොළේ හෙදියො (nurseලා)නෙ. ඒ ගොල්ලො ගත්තු කලින් පොටෝ එකක කොටසක් තමයි මේ. මතක පතේ(Memory card) ගබඩා වෙද්දි මොනවහරි තාක්ෂණික විපර්යාසයක් ඇතිවෙලා තමයි මෙහෙම වෙන්නෙ.
චතුමාම දන්න ඉලව්වක් නෑ කියලා කවුරුහරි කියන්න පුළුවන්. චතුමාම දන්න ඉටිගෙඩියක් නෑ ආයුබොවන්ඩ. චතුමාම කිව්වෙ චතුමාමට හිතිච්ච දේ. චතුමාම ඕක කල්පනා කර කර ඉදිද්දි චතුමාමටත් ඔයවගේම පොටෝ කෑල්ලක් හම්බ උණා. චතුමාමට ඉන්නව යාළුවො ගොඩක්. මේ යාළුවන්ගෙන් එකෙක් තමයි කුමාර කියන්නෙ. ඌ මාර කලාකාරයා. ඉතින් අපේ මේ කුමාර හාදයා අලුතින් ෆෝන් එකක් අරගෙන. ඒක අලුත් කිව්වට පට්ට ගහ ගහ පාවිච්චි කොරපු හම්පඩ ෆෝන් එකක්. ඌ කවදාවත් එහෙම කෙනෙක්ව පොටෝ එකක් ගත්තෙ නැහැ කියලමයි කියන්නෙ. කුමාර ගේ ඇතුළෙ පොටෝ එකක් ගත්තමලු ඕක දැක්කෙ. ගෙදර කට්ටියත් හොදටෝම බයවෙලා. ඒගොල්ලො හිතන්නෙම මේ ඉන්නෙ භූතයෙක්.... නැතිනම් පෙරේතයෙක් කියලමයි.
චතුමාමාගෙන්....
ඉතින් ආයුබෝවන්ඩ බොහෝම ඉස්තුතියි චතුමාමගෙ වoහුo හොයන්න මේ පැත්තෙත් හක්කලන් කරාට. මේකෙ ඉන්න අනිත් බ්ලොග් කාරයන්ගෙ (එහෙම කිව්වට මයෙත් එක්ක අමනාප වෙනව එහෙම නෙවෙයි. හරිය!) සුකුරුත්තන් දකිද්දි චතුමාමටත් ඔන්න ආසාවක් ඇති උනා නෙව ඔහොම එකක් කරන්න. අද ඉදලාම ඔන්න චතුමාමත් එහෙනම් වැඩේට අත්පොත් තිව්වා!
Subscribe to:
Comments (Atom)