Tuesday, September 11, 2012

චතුමාමාට හමුවූ තාපසතුමා!

   පළාස්සබා ඡන්දෙනුත් කොටහක් අහවර උණා නෙව. ලොකුඅයිය (ලොකු අයිය කිව්වෙ හිතේ තියෙන භක්තියට මිසක් සිරික්කියට හෙම නෙවෙයි හරිය!)මේපාරත් යන්තම් ගොඩ ගියා නෙ. චතුමාම අහස දිහා බලාගෙන හිටියා. සුදුම සුදුපාට වලාකුළු පිරිච්ච අහස හරිම ලස්සනයි නෙව. චතුමාමට පැoචා කාලෙ ඉගෙනගත්තු පොඩි කවියක් මතක් උණා.
  

       "සමන් පිච්චමල් ඉහිරුණු
        නිල් තණකොළ පිට්ටනියක්
        වගෙයි අහස අන්න බලනු
        කොච්චර ලස්සනද රෑට"
   
   තාම තරු පේන්නෙ නම් නෑ. මුළු අහසම නිල්පාට තණකොළ පිට්ටනියක් වගේ පේනවා. නිල්පාට කිව්වට ආයුබොවන්ඩ කවුරුවත් වැරදියට තේරුම් ගන්නව එහෙම නෙවෙයි. චතුමාම ඒ කිව්වෙ කවි බාසාවෙන්. කවි බාසාවෙ කොළ පාටයි, කළු පාටයි හදුන්වන්නෙ නිල් පාට කියල නෙව. ඒ කොහොම වෙතත් අද නම් අහස ලස්සනයි කියල චතුමාමට හිතුණා.චතුමාම පිලේ තවත් හොදට ඈදිගෙන අහස දිහා බලාගෙන හිටියා. එකපාරටම අහස කළුකරගෙන කළු වලාකුළක් චතුමාමගෙ පැලට උඩින් පාවීගෙන එනව චතුමාම දැක්කා. වැහිකළුවක් වෙන්න ඇති. චතුමාමට එහෙම හිතුණා. අප්පට සිරි ගජ! මේ අර අහසින් වඩින තාපසතුමෙක් නෙව. චතුමාම අප්පුඩි ගහ ගහ කෑ ගැහුවා. තාපසතුමාත් චතුමාමව අදුරගෙන ගමනෙ වේගෙ බාල කොළේ නැතෑ. තාපසතුමා දැන් හෙලිකොට්ට උරේ වගේ මෙන්න බොලේ එක තැන බිමට බානවා. කොහෙද අප්පේ මේ පු* කැඩිච්ච කඩිය වගේ උඩින් යන්නෙ?. මම හිතුවෙ වැහි කළුවක් එනව කියලා! නෑ දරුවා.... මම මේ පිටකොටුවට යන ගමන්. ඔහෙප්පලයන් කිව්වලු! අර මක්කටෙයි පිටකොටුවට යන්නෙ? චතුමාම අන්දකයිප්පු කාල වගේ තාපසතුමා දිහා බලන් හිටියා. තාපසතුමාට චතුමාමගෙ මස්තබාල්දු, තක්බීර් වෙච්ච පෙනුමෙන්ම හිතෙන්න ඇති, චතුමාමගෙ හිතේ ඇති වෙච්ච කුකුස. තාපසතුමා කතාව පටන් ගත්තා. මම මේ ලැට්ටොප් එකට චාජරයක් ගන්න යන ගමන් දරුවා! පණ පලයන් පෙරේදා කිව්වලු! ඔබවහන්සෙට මක්කටෙයි ලැට්ටොප් එකක්? ඉස්සර කාලෙ වගේ නෙවෙයි දරුවො දැන් තාස්සනේ දියුණුයි නෙව. හිමාලෙ ඉන්න අපේ තාපසතුමාලත් එක්ක අපි චැට් කොරන්නෙ ඕකෙන්. අනික ඉතින් පේස් බුක් යන්නත් එපැයි. ඔබතුමා රේස්බුකියකටත් යනවද? චතුමාම හොල්මන්වෙලා ගියා. . රේස්බුකියක් නෙවෙයි යකෝ! ඒපාර තාපසතුමාට කේන්ති ගියා. ගැත්තාට අනුකම්පා කොරන්න තාපසතුමෝ. චතුමාමා තාපසතුමාගේ දෙපාමුල වැටුණා. රේස් බුකියක් නෙවෙයි දරුවා පේස් බුක්. දැන් ඔය කොල්ලො කෙල්ලො යන්නෙ. චතුමාමා තේරුණා වගේ ඔළුව වැනුවා. චතුමාමා දන්න බුකියක් නැත. දන්නේ රේස්බුකිය ගැන විතරය. ඔබතුමාට පිටකොටුවෙ යනවට වැඩිය ලාබයි නෙව තාපසතුමෝ, ඉන්න පළාතෙ කඩේකින් ගත්ත නම්? නෑ දරුවා!..... ඊට වඩා ලාබයි පිටකොටුවෙ පේමන්ට් එකේ ඇහින්දාස් පොරක්ගෙන් ගත්තම. මොකෝ තාපසතුමා එකපාරටම චාජරේ පිච්චුණේ? ආණ්ඩුව හින්ද තමයි දරුවා! ඒ කිව්වෙ? මම භාවනා කොරන ගමන් පොඩි ජොබ් කට්ටක් කොරානෙ. ඉතින් ඉතින් .......මොකද්ද අප්පේ... ඔය ජොබ් එක? ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කුපිත කොරන එක තමයි දරුවා. ඒ කිව්වෙ තාපසතුමා? ඔය පිට රටවල ඉන්නවනෙ... සිරිලන්කා දේසප්පෙරේමී නෝනල මහත්තුරු. ඒ අයගෙ ඕන එපාකම්වලට එක එක කතා ටයිප් කොරන්නයි කටකතා පතුරන්නයි තමයි දරුවා අපිට තියෙන්නෙ. අතට ගතමන්ට් එක ලැබෙනව නම් රටට හෙණ ගැහුවත් මොකෝ දරුවා! චතුමාමගෙ ඔළුව මඤ්ඤo වුණා. ඉතින් තාපසතුමෝ මොන හත්තිලව්වකටද එහෙනම් ලැට්ටොප් චාජරේ පිච්චුණේ ආණ්ඩුව හින්දයි කිව්වෙ? ආණ්ඩුවට විරුද්ධව බොරු කතා හදන්න ගිහින් තමයි
යකෝ එහෙම උනේ.  ගහන ගහන හෙනේ කොටපොළට කිව්වලු! චතුමාමා තාපසතුමා දෙස බැලුවා. තාපසතුමා අන්තරස්දහන් වෙලා ය. ඈතට පාවී යන වැහිකළුවක් යන්තමට චතුමාමා දැක්කා. ඔළුව වටේටම තරු පායන බව චතුමාමට පෙනුණා. චතුමාමට අර සින්දුව මතක් වුණා. 

         "සමන් පිච්චමල් ඉහිරුණු
         නිල් තණකොළ පිට්ටනියක

          වගෙයි අහස අන්න බලනු
          කොච්චර ලස්සනද රෑට"
   

No comments:

Post a Comment