හොල් = හෙලවෙන
මන් = මනස
මේ හෙලවෙන, නැතිනම් චoචල වෙන හිත තමයි හොල්මන් කියල කියන්නෙ. අපේ මිනිස්සු හුළගට කෙහෙල් අත්තක් වැනුණත් හිතන්නෙ හොල්මන් කියලා. අර පහුගිය කාලෙ රාවයක් තිබුණා නෙව තනිකකුලෙන් හොල්මන් කරන ගෑනු ළමයෙක් ගැන. චතුමාමට නම් ඇත්තටම දුකයි මේ දැනුම් තේරුම් තියෙන පත්තර මහත්තුරු කරපු දේට. මට එහෙම නම් ඒ මියෑදුණු දැරිවිගෙ අම්මටයි, තාත්තටයි කොච්චර දුකක් දැනෙන්න ඇතිද?
පොටෝ කෑල්ලකුත් දාල තිබුණ නෙව. අපේ පොටෝ ගහන මහත්තුරුත් ඕකට එක එක දේවල් කිව්වනෙ. චතුමාමට නම් හිතෙන්නෙ මෙහෙමයි. ඔය කැමරාව පාවිච්චි කොළේ හෙදියො (nurseලා)නෙ. ඒ ගොල්ලො ගත්තු කලින් පොටෝ එකක කොටසක් තමයි මේ. මතක පතේ(Memory card) ගබඩා වෙද්දි මොනවහරි තාක්ෂණික විපර්යාසයක් ඇතිවෙලා තමයි මෙහෙම වෙන්නෙ.
චතුමාම දන්න ඉලව්වක් නෑ කියලා කවුරුහරි කියන්න පුළුවන්. චතුමාම දන්න ඉටිගෙඩියක් නෑ ආයුබොවන්ඩ. චතුමාම කිව්වෙ චතුමාමට හිතිච්ච දේ. චතුමාම ඕක කල්පනා කර කර ඉදිද්දි චතුමාමටත් ඔයවගේම පොටෝ කෑල්ලක් හම්බ උණා. චතුමාමට ඉන්නව යාළුවො ගොඩක්. මේ යාළුවන්ගෙන් එකෙක් තමයි කුමාර කියන්නෙ. ඌ මාර කලාකාරයා. ඉතින් අපේ මේ කුමාර හාදයා අලුතින් ෆෝන් එකක් අරගෙන. ඒක අලුත් කිව්වට පට්ට ගහ ගහ පාවිච්චි කොරපු හම්පඩ ෆෝන් එකක්. ඌ කවදාවත් එහෙම කෙනෙක්ව පොටෝ එකක් ගත්තෙ නැහැ කියලමයි කියන්නෙ. කුමාර ගේ ඇතුළෙ පොටෝ එකක් ගත්තමලු ඕක දැක්කෙ. ගෙදර කට්ටියත් හොදටෝම බයවෙලා. ඒගොල්ලො හිතන්නෙම මේ ඉන්නෙ භූතයෙක්.... නැතිනම් පෙරේතයෙක් කියලමයි.

චතුමාමාගේ ආගිය කතා යනු අදට ඔබින වැඩසටහනකි. දිගටම ලියන්න චතුමාමේ!
ReplyDeleteබොහෝම ඉස්තූතියි කොලුවෝ! චතුමාමව අගේ කොළාට.
Delete