ඔන්න ආයුබෝවන්ඩ චතුමාම අද සූජානං වෙන්නෙ අපූරු පිය සෙනෙහෙසක් ගැන කියන්න. අපේ නෝනල මහත්තුරු හැමෝම දන්නවනෙ පිස්සු පූසාව. මේ පිස්සු පූසට ගොඩාක් සමීපයි චතුමාම අද කියන්න යන මේ මහත්තයා. අද චතුමාම කොළඹ ඉඳලා ආපු 154 බස් එකට දෝණියන්දෑ එක්ක නැග්ග නෙව මේ මහත්තයා. නළලෙ නෙල්ලි ඇටේ වගේ "ඉන්නා" නිසා චතුමාම පටස් ගාලා අඳුරගත්ත නෙව එතුමාව.
අනේ.. එතුමා බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් චතුමාම දිහාවෙම රවල බලනව මිසක් වෙන වැඩක් කොරන්නෙම නැහැ නොවැ. චතුමාම ඉතින් ඒ දැරිවි දිහා බලපු එක ඇත්ත. ඒ ඉතින් වලත්තකමකට, කුපාඩි කමකට නෙවෙයි ආයුබොවන්ඩ මනුස්සකමට. අනික ඒ දැරිවිගෙ අමුතු පියකරු බවක් තිබුණා.
පස්සෙන් පහු වෙනකොට තමා ආයුබොවන් හොඳ ම හරිය. කොහොමින් කොහොමින් හරි වාඩිවෙලා හිටපු ඩබලක් නැගිටලා ගියාට පස්සෙ චතුමාමටයි අර දෝණියන්දැටයි සීට් එකක් ලැබුණයි කියමුකෝ.. දැන් චතුමාම වීදුරුව පැත්තෙ. අර දෝණියන්දැ මෙහා පැත්තෙ. දැන් චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. චතුමාම හොරෙන් බලනවා. **** මහත්තයා රවනවා. ඒකෙන් ඒ මහත්තයට වාඩි වෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ නෙව. තමන්ගෙ දුවව රකින්න තාත්ත කෙනෙක් කොච්චර මහන්සියක් ගන්නවද කියල හිතපු චතුමාම වීදුරුවට බර වෙලා ඇස් පියා ගත්තා.
No comments:
Post a Comment